The Woman Of Rome - Alberto Moravia
දිගැසිය - සුමිත්‍රා රාහුබද්ධ
The Woman Of Rome ඇල්බර්ටෝ මොරාවියාගේ ප්රශස්ත නවකතාව ලෙස සැලකෙයි. සුරූපී දේහ විලාසය දායාද කොටගත් ඒඩ්රියානා නම් යෞවනියගේ ප්‍රාර්ථනය හොඳ විවාහයක් කොට ගෙන, දරුමල්ලන් ලබා සුන්දර පවුල් ජිවිතයක් ගත කිරීම ය. එහෙත් ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවන, මුසොලිනිගේ ෆැසිස්ට් සමයේ දැරියක වන ඒඩ්‍රියානාට ජීවිකාව සඳහා චිත්රශිල්පින් ඉදිරියේ නිරුවතින් පෙනී සිටින්නට සිදුවෙයි. ප්‍රථම ප්‍රේමය රැවටිල්ලක් බව ඇය දැනගන්නා විට සිහින සියල්ල බිඳී ගොස් ඇයට විවර වන්නේ වෙසඟනක වීමේ මාවතයි. දරුණු අපරාධ කරුවන්, නීතිය සුරකින නිලධාරීන්, තරුණ විප්ලවකරුවන්, සංචාරක වෙළෙන්දන් ආදී බොහෝ පිරිමින් අතින් අත යමින් වුව තම සැබෑ ප්‍රේමය සොයා ඇය ඇතුළු හදින් හඬා වැළපෙයි. මෙම නවකතාව නිසැකයෙන්ම විසිවැනි සියවසෙහි බිහිවූ විශිෂ්ටතම කෘතියකි. 1947 ලියූ මේ නවකතාව සර්වකාලීන අගයක් රඳවා තබා ගන්නේ ස්ත්‍රීත්වය යනු මේ පොලෝ තලයෙහි පීඩාවට ගොදුරුවන මනුෂ්‍යාත්මභාවය වන බැවින් නොවේ ද ?
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
Pages* | 436 |