සුදු නැන්දා අවුරුදු කීපයක් කණවැන්දුම් ව සිට, තවත් විවාහයකට ඇතුළු කරනු ලැබුවාය. ඇයගේ මේ සැමියා පද්මපෙරුම කෙනෙකි. පද්මපෙරුම නිසා සුදු නැන්දා දුවක ලැබුවාය. ඕ නිමල්කා ය.
නිමල්කා ද හැකි සෑම සති අන්තයකම ගමට එන්නට පටන් ගත්තා ය. සෙනසුරාදා හා ඉරිදා දින කීපයම ඇය අපේ ගෙදරත් එන්නට සිටින බව දැනගත් වෙලාවට මම මග හැර ගියෙමි.
ඊ ළඟට එළැඹි පාසල් නිවාඩුව ගත කරන්නට නිමල්කා මහා ගෙදර ආවා ය. ඇය තව දුරටත් මග හරින්නට අවස්ථානුකූලව මට ඉඩක් නො වුණා පමණක් නොව මානුෂික අතින් ශක්තියක් ද නොවිණි.
විනාඩි පහකට පමණ පසුව නිමල්කා තේ කෝප්පයක් ද රැගෙන ආවේ මා තුළ නොසන්සුන් කමක් වැඩෙමින් තිබියදී ය.
"ලෝකෙ දේවල් ගැන නෙවි මම කියන්නෙ. මම ගැන. ඔයයි මම ගැන දන්නෙ චුට්ටයි....කලාවෙන් නැතුවට අයිය, මමත් ජිවිතයෙන් ම දුක දැන ගත්ත ගෑනු ළමයෙක්"
නගරයේ හැදී වැඩි ගමට පැමිණි නිමල්කා නැමැති යුවතියක වටා ගෙතුණු ඇවැස්ස නෑයෝ නවකතාව පාඨකයන් අතට පත්වනුයේ පළමු මුද්‍රණයෙන් අඩසියවසකට පසුව ය.
එදා මෙදා තුර සමාජය බොහෝ පරිවර්ථන්යන්ට භාජනය වී ඇතත් එදා ඔහු මැවූ නිමල්කා අද ඔබ අප අතර ජීවමානය.
Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 0 |