හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගැන මේ කෘතිය ලියැවෙන්නේ 1993 දී ය. එනම් ඔහු රාජ්‍ය විචාරමින් සිටිද්දී ම ය. ඔහුගේ ඛේදනීය අකල් මරණයෙන් දශක තුනකට පසු මේ පොත නැවත මුද්‍රණය වන්නේ ඇයි?
කොළඹ නාගරික මන්ත්‍රීවරයකු හැටියට දේශපාලන ජීවිතය අරඹා, රටේ ජනාධිපති ධුරය දක්වා දිගු ගමනක් පැමිණි ඔහු මේ රටේ ඉතිහාසයේ රාජ්‍ය නායකයා වූ එක ම 'සෙසු කුලිකයා' ය. නාගරික මුඩුක්කුවකින් ආ එකම නායකයා ය. ඔහු ඝාතනයට ලක් වන්නේ ජනාධිපති පදවිය දරමින් සිටිද්දී ම ය. ඔහු ලංකා ඉතිහාසයේ බිහිසුණු ම අවධියක (1989 - 1993) රටේ සේනාධිනායක ධූරය දැරුවේ ය. පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටින බව කී ප්‍රේමදාස පාලනය යටතේ රටේ තරුණ තරුණියෝ 67,000 පමණ ඝාතනය කරනු ලැබුහ.
අද වන විට ඔහුගේ දේශපාලන උරුමය ගෙන යමින් සිටින්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය. එබැවින් රට වැසියන්ට ඔහුගේ පියාණන්ගේ දේශපාලනය ගැන යම් අවබෝධයක් තිබිය යුතුය. එය මේ කෘතියෙන් සපුරා ම ඉටු නොවුණත්, ඔබට අවශ්‍ය ඓතිහාසික තොරතුරු සම්භාරයක් මෙහි ඇතුළත් ය.
Author |
|
Language | Sinhala |
ISBN | 9786246555115 |
Pages | 156 |
There are no reviews yet