කැළලිකාරයෝ
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
Author | Liyanage Amarakeerthi |
Language | Sinhala |
ISBN | 978-624-5546-49-7 |
Pages | 338 |
කැලළිකාරයෝ
කැළලිකාරයෝ 2024 ස්වර්ණ පුස්ථක සම්මානයට නිර්දේශිත කෘති අතරින් ලියනගේ අමරකීර්ති මහතාගෙ කැළලිකාරයො තෝරගත්තෙ හිතත් එක්ක පොඩි අරගලයකට පස්සෙ ඒ කැමෙලියාද කැළලිකාරයෝද තෝරගන්න බැරිව ඇතිවුණ අරගලයක්.කෙසේ වෙතත් පොත කියවල ඉවර වුණ ගමන් වචනයක් ලියන්න පොළඹවන තරම් විභවයක් කම්පනයක් උද්දීපනයක් කැළලිකාරයෝ තුළ තියෙනවා. සම්මානනීය රචකයන් අතර අමරකීර්තිගෙ වෙනම ආකෘතියක් තියෙනව.අහම්බකාරක,රතු ඉරි අඳින අත වගේ කෘති වල මේක ප්රබලව දැනෙනවා.කැළලිකාරයෝ කියන්නෙ ඒ ආකෘතිය උත්කර්ශයට නගපු නිර්මාණයක් විදියට මට දැනෙනවා. පොදු සමාජ කුළකයක අපට සුළභව හමුවන මානව සම්බන්ධතා දිහාම අපට වඩා ඉහළින් බලපු අපූර්ව පරිකල්පනයක්.ප්‍රශ්න කල යුතු ඒත් නොකරන සංස්කෘතිකමය පදනම් සෘජුව සංවාදයට උලුප්පන ලියවිල්ලක්.යෞවන ආදරය සහ මේ රටේ අධ්‍යාපන ක්‍රමය ඒ වගේ අභියෝගයට ලක්වන ප්රස්තූත වලින් එකක්. ගැහැණිය ගැහැණුකම වැන්දඹු වීම ආදී පරාසයක ගෑණු ජීවිතයක යථාවාදී කියවීමක්.පිරිමි නොදකින ගෑණුකම් ගැන හිතන්න පොළඹවන රසකාරකයන් අනුභූතීන් බහුලව පොත ඇතුළෙ හමු වෙනවා.මැදි වයස ඉක්මවමින් ඉන්න දීපිකා වටා කතාව ගොඩනැගුනත් ඇයව තනි නොකර අපූර්ව මිනිස් චරිත කීපයක් ඈ වටේ තබන්න කතාකරු ඉතා දක්ෂ ලෙස සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පොත අපිව වඩ වඩාත් හිතන්නට පොළඹවන උත්ප්‍රේරකයක් වගේ ම සැහැල්ලු මනසකින් නිදහසේ කියවන්න ඕන පොතක්.මොකද පොතේ එක වාඛ්‍ය ඛණ්ඩයක් අල්ලගෙන වරුවක් උනත් හිතන්න පුලුවන් තැන් එමට කැළලිකාරයෝ ඇතුලෙ තියෙනවා.හදිසියෙන් කියෙව්වොත් මග හැරෙන රස තැන් තියෙන නිසාම වෙලාව අරන් වචනෙන් වචනෙ කියවන්න ඕන.කියවන අතරතුර හයිලයිට් කරගන්න හිතෙන දාර්ශණිකමය කියමන් රැසක් මම දෙවන වර කියවීමෙදි කරන්න කල්තැබුවෙ තව වරක් කියවනව කියල විශ්වාස නිසා. යාලව පැත්තට වගෙම පේරාදෙණියටත් අතීතමය වටිනාකමක් මගෙ ජීවිතෙත් තියෙන නිසා ඇත්තට ම පොත තවත් වැඩියෙන් දැණුනා. අන්තිම හරියෙදි ප්‍රසිද්ධ දේශපාලන තේමාව පොතට ඈඳා නොගත්තානම් කියල හිතුනෙ එයින් කතාවෙ රිද්මය මදකට වෙනස් වීමත් ඒ පරිච්චේදයෙන් වැඩි බරක් පොතට එකතු නොවීමත් නිසා. කෙසේ වෙතත් කතාවෙ අවසානය ඉතාම රසවත් වැකියකින් කෙලවර කරන්න කතුවරයා හිතලා තියෙනවා.නිදහස් වෙලාවක හොයාගෙන කියවන්න වටින පොතක්.