අධ්‍යාපන ඩිප්ලෝමාව
ගුරුවරුන් උදෙසා පැවැත්වෙන බෙහෙවින් ජනප්‍රිය පාඨමාලාවකි. වර්ෂයකට හත් අටදාහක් පමණ
මෙම පාඨමාලාව සම්පූර්ණ කළද වසරින් වසර එකතු වන නවක ගුරුවරුන්ද නිසා කිසිදා පවතින
ඉල්ලුම අඩු නොවන පාඨමාලාවකි. සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවල මෙන්ම නවීන තාක්ෂණ
විද්යායතනවලටද මේ වන විට අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව ව්‍යාප්ත වී පවතී.
කොළඹ විශ්වවිද්‍යාලය තුළ පමණක් අවුරුදු හතළිහකට වැඩි කාලයක් තුළ මෙම පාඨමාලාව
උගන්වා පළපුරුදු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ රෝලන්ඩ් අබේපාල සූරීන් එම පාඨමාලාවේ
විෂය සාහිත්‍ය පුළුල් කරමින් ග්රන්ථ රාශියක් සම්පාදනය කිරීමට දායක වූයේය. අධ්‍යාපනයේ
මනෝවිද්‍යාත්මක පදනම (2010), අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය (2011) ළමා මනෝවිද්‍යාව
ජීන් පියාජේගේ ප්රජානන වර්ධනය (2016) සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය (2011)
ළමා සංවර්ධනය හා අධ්‍යාපනය (2011) නව යෞවන මනෝවිද්‍යාත්මක විග්‍රහයක් (2015) ළමා
මනෝවිද්‍යාව හා රැකවරණය (2021) හා 21 සියවසේ පශ්චාත් නූතන අධ්‍යාපනය (2022) ඒ
අතරින් වඩාත් ප්‍රචලිතය.
තුලනාත්මක අධ්‍යාපනය,
අධ්‍යාපනයේ නව ප්රවණතා සහ ගැටලු නම් වූ මෙම කෘතිය එම නමින් වූ විෂය හැදෑරීමට අත්‍යවශ්‍ය
විෂය කරුණු පෙළගස්වන ලද්දකි. තුලනාත්මක අධ්‍යාපනය යනු කවරේද ? එම විෂය හැදෑරීමේ
අරමුණු හා ප්‍රයෝජන. ඊට අදාළ විෂය කරුණු කවරේද ? යන්න පෙන්වා දෙන අතර විවිධ රටවල
විවිධ අධ්‍යාපන ක්‍රම හා සුවිශේෂී ලක්ෂණ විද්‍යාර්ථින්ගේ සිත් ගන්නා ලෙස ඉදිරිපත්
කෙරේ. එබැවින් මෙම කෘතිය අධ්‍යාපන ඩිප්ලෝමා හදාරණ විද්‍යාර්ථින්ගේ අත්‍යවශ්‍ය
කියවිල්ලක් බවට පත් වනු නිසැකය.
Author | Roland Abeypala |
Language | Sinhala |
Pages | 423 |
There are no reviews yet