පසුගිය වසර කිහිපය තුළ සමස්ත ලෝකයේම ස්වභාවික විපත් සිදු වීමේ වර්ධනයක් දැක ගත හැකි ය. මිනිසා තාක්ෂණික ලෙස දියුණු වෙත්ම පරිසරයට සිදු වූ අහිතකර බලපෑම් වර්ධනය වීම නිසා පාරිසරික සංතුලනය බිඳ වැටීමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්රිත ව සෑම වසරක ම විවිධ ප්‍රමාණයෙන් නාය යෑම් සිදුවේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් නායයෑම යෑමේ තර්ජනයට මුහුණපා ඇත. මිනිසා ගේ ක්‍රියා පරිසරයට අහිතකර බලපෑම හේතුවෙන් මෙවැනි ස්වභාවික විපත්වල වර්ධනයක් දිනෙන් දින සිදුවේ.
ස්භාවික විපත් සම්පූර්ණයෙන්ම වැළැක්වීම අපහසු වුව ද හානි අවම කර ගැනීම සිදුකළ හැකිය. හානි අවම කරගැනීම සඳහා විපත් පිළිබඳ ජනතාව සතු දැනුම් මට්ටම වර්ධනය කළ යුතු ය. නාය යැම් පිළිබඳව සලකන විට ඒ පිළිබද ව සිංහලෙන් ලියවුනු පොත්පත් වල හිඟයක් දක්නට ලැබේ. ඒ අඩුව පිරිමැසීම සඳහා ඩබ්ලිව්.එන්.විල්සන් , ලසන්ත මානවඩු සහ මංජුල රණගලගේ යන කතු වරුන් විසින් රචනා කරන ලද 'ස්වභාවික උපද්‍රවයක් ලෙස නාය යෑම්" යන මේ ග්‍රන්ථය නායයෑම් පිළිබඳ වැදගත් දැනුම් සම්භාරයක් ලබාගත හැකි කෘතියක් ලෙස දැක්විය හැකිය.
කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන
ඩබ්ලිව්.එන්.විල්සන් මහතා දැනට ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ලෙස කටයුතු කරන අතර, භෞතික භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ඇත. භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ලසන්ත මානවඩු මහතා භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය පිළිබඳ ව සහ නාගරික භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ආචාර්යවරයෙකි. භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සහය කථිකාචාර්ය වරයකු ලෙස සේවය කරනු ලබන මංජුල රණගලගේ මහතා ස්වභාවික උපද්‍රව පිළිබඳ ව සහ භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය පිළිබඳ ව විශේෂ උනන්දුවක් දක්වන ආචාර්යවරයෙකි. මේ තිදෙනා විසින් රචනා කරන ලද මේ ග්‍රන්ථය විශ්වවිද්‍යාල සිසුන්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරන සිසුන් මෙන්ම නායයෑම් පිළිබඳ උනන්දුවක් දක්වන සෑම දෙනාටම දැනුම් සම්භාරයක් ලබා ගත හැකි ග්රන්ථයක් ලෙස දැක්විය හැකිය.
මහාචාර්ය ජයන්ති ද සිල්වා
අංශාධිපති, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය

Author |
|
Language | Sinhala |
Pages* | 116 |
There are no reviews yet