Marianne Hering, Paul McCusker විසින් රචිත Imagination Station කථා මාලාවේ දෙවන පොත, Attack at the Arena ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි.
"ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්රාම පිටියට කොහොමටවත් එන්නේ නැහැ. ඔයාලා හොඳටම අතරමං වෙලා කියලා මට විශ්වාසයි.
"ඒක නම් ඇත්ත. තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා."
පැට්රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින් අමිහිරි හඬක් නගමින්.
"සිනේගේ දවස නාස්ති වුණාට කමක් නැහැ. කොටියා හොඳටම බඩගින්නෙන් ඉන්නෙ. මොකද හෙට තරඟයට සුදානම් කරලා තියන්න එපායැ. බැරි වෙලාවත් කොටියා ඔහේව කෑවා නම් මම ලොකු අමාරුවක වැටෙනවා."
"ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින්ම නෙවෙයිද ?"
"මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නෙ කොටියට ගොදුරක් වෙන්න."
Author | Sudath Rohan |
Language | Sinhala |
ISBN | 9786245865222 |
Pages | 116 |
There are no reviews yet