කෘතීම දරු පිළිසිඳගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවලකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි 'මගේ චිකාගෝ හදවත' . කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයෙකුගේ ජීවිතාරමිභයකි එය. ඉරණම විසින් තලා පෙළා, අධ්‍යාපනය විසින් හැඩ ගස්වන ලද සෙල්ලක්කාර යෞවනයෙකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සමිප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්වත්වය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබූ මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගේ ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදකලාව හා අධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |