"අවුරුදු පහළොවකට පස්සෙ " කෙටි කතා පහකින් යුක්ත කෙටි කතා සංග්‍රහයක් . මේ කෙටි කතා පහම නවකතාවක වුණත් අන්තර්ගත කරන්න පුළුවන් තේමාවලින් යුක්තයි .
1- බුහුටි ප්‍රේමය
===========
තවමත් සේවයේ යෙදෙන මැදිවියේ කාන්තාවකගෙ ජීවිතයේ සිතුවිලි ක්ශනයකින් වෙනස් වන ආකාරය පෙන්වන අපූරු කෙටිකතාවක්....ඒක අපේ යුගයෙ අයගෙ ජංගම දුරකථන සාක්ෂරතාවය පිළිබද ඉඟියකුත් ඇතුළත් වෙනවා .
"යූ ටියුබය ඇයට නිධානයක් මෙන් විය එහි කිමිදී තරුණ වියේදී සිත මෝහනය කළ රූකාන්තලාගේ, නාමල්ලාගේ , චන්ද්රලේඛලාගේ , වෛජයන්තලාගේ ගීත සොයාගෙන ඇසීම ඇයට ගවේෂණාත්මක අත්දැකීමක් විය . එහෙත් නිවසේදී ඈ බුහුටි දුරකථනයට එබී සිටීම අතුලගේ අම්මාට නම් නුරුස්සන දසුනක් වී තිබිණි. මුලින් මුලින් බැල්මෙන් කළ විරෝධතාව පසුව ඇනුම්පදවලට පෙරළුණි."
පිටුව - 13
"
2- අවුරුදු පහළොවකට පස්සෙ
========================
තරුණ වයසෙදි මිනිස්සු ක්ෂණික තීරණ ගත්තට ..වයස එක්ක මුහුකුරා යනකොට තමා ඒ ගත්ත තීරණවළ අනුවණ කම් දැනෙන්නෙ..කියන පණිවිඩේ ඒ කතාවෙ අන්තර්ගතයි කියලා හිතුණා. ක්ෂණික සිදුවීම්.පෙලකින් යුක්ත කතාවක් ...පහත උපුටා ගැනීමෙ "තඩි උස කළු" කියන විශේෂන පද තුනෙන්ම ඔහුට ප්‍රිය වූ දර්ශණය මුවා කළ මිනිසා කෙරෙහි ඇති වුණු අමනාපය පෙන්නුම් කරනවා කියලා හිතුනා .
" ඇය හිටියෙ මට පිටුපාලා අපි අතර දුර යාර දහයක් විතර ඇති. සෙනඟ අතරෙ හිඩැසකින් මට ඇය පැහැදිලිව පෙනුණෙ නෑ . යාන්තමින් දැක්කෙ ඇගෙ පිට සහ ගෙලට මදක් ඉහළින් උඩට නවා සකස්කළ කෙහෙරළ .එක පාරටම හුරු පුරුදු දසුනක මතකයක අවදිව මගේ හිත අස්සෙන් විදුලියක් කෙටුවා . එතකොටම ඒ දසුන මුවා කරමින් තඩි උස කළු මිනිහෙක් ඒ හිඩැස වසා දැමුවා ..."
පිටුව - 24
3- කළු සුදු සහ අළු
==============
කෙටි කතාවෙ අවසානයට තමා ගොඩාක්ම ආසා වුණේ...පරස්පර විරෝධි පැහැයන් දෙකකින් නිරූපණය වෙන පරස්පර විරෝධී කාන්තාවන් දෙදෙනෙක්.. ඒ කෙටි කතාවෙ අඩංගු වෙන සිද්ධියෙ වාසිය ලබන්නෙ කෙටි කතාවෙ අන්තර්ගත වෙන්නෙත් නැති චරිතයක්.
"කළු පැහැති ගැහැනිය වාඩි වී සිටියේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රධාන දොරටුවට වම් පසින් වූ රිදී පැහැති දිගු ලෝහමය අසුන් පේළියේය . තද දුඹුරු පැහැති දිගු සායකින් සහ ලා පැහැති බ්ලවුසයකින් සැරසී සිටි ඇය ගාථා සහ බෝධි පූජා කවි සහිත පොත් පිංචක් දිගහැරගෙන තොල් මුමුණමින් සිටියාය. මේ දින කීපයේම ඈ සිටියේ ඒ ඉරියවුවෙන්මය ..
සුදු පැහැති ගැහැනිය වාඩි වී සිටියේ කළු පැහැති ගැහැනියට පුටු පහ හයකට ඈතින් වූ පුටුවකය...ඩෙනිම් කලිසමකින් සහ ළා නිල් ඉරි සහිත සැහැල්ලු කමිසයකින් සැරසී සිටි ඇය කල්පණාවක සැරි සරන බව පෙනුණි..
පිටුව 34
4- යළිත් වෙසක්
============
කෙටි කතාව කියවාගෙන ගියේ අවසානය ගැන පුංචි අනුමානයක් ඇතුව..
ලස්සනම ලස්සනයි .
දම් පැහැති සාරියකින් සැරසුණු ඇය මිතුරියක සමඟ බැංකුවෙන් පිටතට ආවාය.උගුර කට වියළී ගොස් සිය හෘද ස්පන්දන වේගය වැඩිවන්නා සේ ඔහුට දැනිණි.එදා උසාවියේදී දුටුවාට වඩා ඈ මදක් කෙට්ටු වී ඇතත් වසර ගණනාවකට ඉහත තමා වසඟ කළ ඒ ලාලිත්‍යය තවමත් එහෙමමය. ඒ දෑසට එබී බැලීමේ දැඩි ඕනෑකමක් දැල්වෙනු දැනේ. එදා උසාවියේදීත් ඔහු කෙතරම් උත්සාහා කළත් ඈ උවමනාවෙන්ම ඔහුගේ දෑස මග හරිමින් සිටින බව ඔහුට හැඟිණි."
පිටුව -51
5- සර්ප සංග්රාම
============
මේක තමා පොතේ ප්‍රබලම කතාව.
මනුස්සයෙකුට දෙන ලොකුම දඬුවම දෙන්න පුළුවන් ඒ පුද්ගලයගෙ හෘද සාක්ශියට. කාගෙන් ගැලවුණත් තමන්ගෙ හෘද සාක්ශිය බැට දෙන්න ගත්තම මනුස්සයෙකුට ගැලවීමක් නෑ ...
"ළා දුඹුරු පැහැති චාම්.කපු සාරියකින් සැරසී උපැස් යුවලක් ද පැළඳ සිටි දිගැටි නැහැයක් සහ පළල් නළල් තලයකින් යුත් ඒ ගැහැනිය මහ සෙනගක් දෙබෑ කරගෙන ඔහු ඉදිරියට විත් සිට ගනිද්දී ඔහු තිගැස්සී දෑස් හැරියේය ..තමා සිටින්නේ මහ සෙනගක් මැද නොව සිය නිදි යහන මත බව ඔහුට පසක් වූයේ තත්පර කිහිපයකට පසුවය . වායු සමනය කරන ලද නිදන කාමරය තුළ වූ සිසිලසද නොතකා සිය සර්වාංගයම සිහින් දහදියකින් තෙත්ව ඇති බවක් ඔහුට දැනිණි."
පිටුව -56
"දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා...
ඒත් වැඩක් වුණේ නෑ..දැන් එයාගෙ මොළේ
සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ...ඒ කියන්නෙ මොළය මිය ගිහින්... ඒ නිසා තව දුරටත්
මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක
තේරුමක් නෑ...ඒක දැන් අයින් කරන්න ඕනෑ...
මොකද ඔයගොල්ලො කියන්නෙ"
ඔහු ඉතා සන්සුන්ව පැවසුවේය.
"අනේ එපා ඩොක්ටර් ...
තව එක දවසක් බලමු..හෙට උදේ අන්තිම බෝධි පූජාව ..එතකොට වරු හත සම්පූර්ණයි.
මට විශ්වාසයි එයා සනීප වෙනවා..
අනේ මැෂින් එක ගලවන්න නම් එපා..
වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න..."
කළු ගැහැනිය මහා හඬින් කීවාය.
"ඔයා ලෙඩාගෙ කවුද ?...
වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේය.
ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවාය.
එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවාය.
"මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ් ...
මට ඩොක්ටර් කියන දේ තේරෙනවා..
කමක් නෑ..මෙෂින් එක ගලවන්න ..."
Language | Sinhala |
Author | Chulabhaya Shantha Kumara Herath |
Pages | 107 |
There are no reviews yet