"අපරාධ නීතියේ මූලධර්ම" වූ මෙම කෘතිය කොටස් හයකින් සමන්විතය. මෙහි මුල් කොටසින් අපරාධ නීතියේ මූලික සංකල්ප හා දණ්ඩ නීති සංග්‍රහයේ එන විවිධ පැහැදිලි කිරීම් සවිස්තරව දක්වා ඇත. මෙහි දෙවන කොටසින් මනුෂ්‍ය ශරීරය හා ජීවිතය සම්බන්ධ විවිධ වැරදි සහ ඒවාට නියමිත දඬුවම් සවිස්තරාත්මකව දක්වා ඇත. මිනී මැරීම්, ස්ත්‍රී දූෂණ වැනි බරපතල අපරාධවල සිට සුළු වැරදි දක්වා ප්‍රමාණවත් අධ්‍යයනයක් කිරීමට මෙම කොටස උපකාරී වේ.
දේපල සම්බන්ධ විවිධ වැරදි හා ඊට නියමිත දඬුවම් විස්තර කර දීමට මෙහි තුන් වන වෙන් වේ. සොරකම, වංචාව, කොල්ලකෑම වැනි නිතර ඇසෙන වැරදි අයත් වනුයේ දේපල පළිබඳ වැරදි ගණයටය.
මෙහි හතරවන කොටස වෙන් වනුයේ මහජන සාමයට විරුද්ධ වැරදි විස්තර කිරීමටය. නීති විරෝධී රැස්වීම්, පාලනය, කැරළි ගැසීම් වැනි වැරදි ඒ කොටසට අයත් වේ.
පස්වන කොටසින් ලේඛන සම්බන්ධ වැරදි විස්තර කර දේ. කූට ලේඛන සැකසීම, හොර නෝට්ටු සැකසීම වැනි වැරදි එම කොටසට අයත් වේ. හයවන කොටස වෙන් වනුයේ මහජන යුක්ති ධර්මයට විරුද්ධ වැරදි විස්තර කිරීමටය. බොරු සාක්ෂි දීම හා බොරු සාක්ෂි සෑදීම මෙම කොටසින් විස්තර වේ.
මෙම කෘතිය දණ්ඩ නීති සංග්‍රහය තුළින් පැන නගින විවිධ අපරාධ හා ඒවාට නියමිත දඬුවම් පිළිබඳ පුළුල් විග්‍රහයක් කරනු ලබයි. යමෙකු කිසියම් අපරාධයක් සඳහා වගකිව යුත්තේ කවරාකාර පදනමක් මතද යන්න නිශ්චය කිරීම සඳහා මෙම කෘතිය මහෝපකාරී වනු ඇත.
- සම්පාදක
Author | Atty. Nilantha Hettige (නීතිඥ නිලන්ත හෙට්ටිගේ) |
Language | Sinhala |
Pages* | 216 |