ශෂික සදීප්
(හීන with Shashi)
සැඩ
සුළඟ දරන්නට නොහැකි තැන රුවලට
මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට
සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට
ප්‍රේමයකි, ප්රදීපාගාරයක එළි වැට
“කවියා සිය වේදිකාව කාලානුරුපීව සකසා ගනියි. සෙල් මතුපිටින්, සිගිරි කැටපත්
පවුරින්, පුස්කොල මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි
ලෝකයට පදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිතය. සජීවී රසික පිරිවරක ප්‍රතිචාර
සමග අන්තර්ජාල වේදිකාව සක්‍රිය වෙයි. ශෂික සදීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු
ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් ‘ග්‍රන්ථය’ නැමැති මහත් බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික
සදීප්ගේ කාව්‍ය රචනා, නිර්මාණ නව රසික පර්ෂද ඇසුර ලබනු ඇත. අපගේ සහෝදරත්වයේ
පැතුමද එයමය.”
සම්මානනීය ලේඛක, කිවියර
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Author | Shashika Sadeep |
Language | Sinhala |
Pages | 85 |
There are no reviews yet