ආදරණීය ගුරුභවතුනි
දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන වැදගත්ම ස්ථානය පාසලයි. සැබැවින්ම පාසලක් උතුම් තැනකි. පාසලක සිටින්නේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් සහ දැනුමෙන්, කුසලතාවලින් හා ආකල්පවලින් ටිකෙන් ටික වඩා වර්ධනය කළ යුතු දරුවන්ය. පාසලක සිටින වැඩිහිටියන් හා පාසලක සිටින දරුවන් සතුටින් මෙන්ම ප්‍රීතියෙන් සිටීම අවශ්‍ය වේ. මේ දෙපිරිසට සතුටින් සහ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අත්‍යවශ්‍ය වන්නේ අවබෝධයයි. ඒ අවබෝධය සාධනීය අන්දමින් ඇති කර ගැනීමට කල්පනා යුත්තේ ගුරු භවතුන්ය.
අද අප ජීවත් වන්නේ සංකීර්ණ සමාජයකය, තාක්ෂණය සහ මාධ්‍ය කාගෙත් ජීවිතවලට තදින් බලපෑම් කරන පසුබිමකය. එබැවින් පාසලකට අද එන දරුවන් අතර ප්රශ්නකාරී දරුවන් අපමණය. අපමණ ගැටලුවලින් පීඩනයට ලක් වන දරුවන් ද අපමණය. මේ යථාර්ථය ගුරුභවතුන් වටහා ගත යුතුය, ඒ සඳහා අතිශයින් වැදගත් වන්නේ 'සහකම්පනය 'දියුණු කර ගැනීමයි. මානසික පීඩනය අවම කරගැනීමට, සහකම්පනය දියුණු කර ගැනීමට මේ ග්‍රන්ථය ගුරුභවතුන් උදෙසා සම්පාදනය කරන ලද්දකි. දරුවන් අවබෝධ කර ගෙන ඔවුන්ට, "නොමඟ නොවැටී" ඉදිරියට යන්නට "මඟ පෙන්වීමට" ගුරුභවතුන්ට මේ ග්‍රන්ථයෙන් ආලෝකයක් ලැබීමට පුළුවන.