"Three Fat Men" නම් කෘතිය 'යූරී ඔලේෂා' නම් රුසියන් ලේඛකයා විසින් රචිත ග්රන්ථයකි. එය නපුරු පාලකයෝ තුන්දෙනා නමින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනි.
නපුරු පාලකයෝ එක පැත්තකත් කම්කරුවෝ සහ අනෙකුත් සුළු රැකියා කරන්නවුන් තව පැත්තකත් සිටී. සල්ලිකාර බලකාමී සියල්ලන්ම නපුරු පාලකයින්ගේ පැත්ත ගනී. අනෙකුත් සියළුම් සුළු සේවකයින් ගන්නේ ටිබුල් නම් වීරයාගේ පැත්ත ය.
සාමාන්‍ය ජනතාව නියෝජනය කරන වීරවරයා ටිබුල් නිසා ඒ සියලු දෙනාගේම සහය ටිබුල්ට ලැබේ. මේ නිසා මෙම සහය උපයෝගී කරගෙන පාලකයින්ව එලවා දැමීම මේ කතාවේ හරයයි.
නපුරු පාලකයෝ තුන්දෙනා වේදිකා නාටකයක්, ගීත නාටකයක් මෙන්ම චිත්‍රපට කිහිපයකට නගනු ලැබ ඇත. එය ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වය දිනාගෙන ඇත. හාස්‍ය රසයෙන් යුත් මෙම කාව්‍යමය සුරංගනා කතාවේ ඉරණම ප්‍රීතිමත් එකකි.
Author |
|
Language | Sinhala |
Pages | 0 |