ඉතින් මිංචා කියන කතා අහන්න, දෙවාරාවේ අන්දර කියවන්න. සරුංගල් අරින්නත් පුළුවන්, පෙරහැරේ නටන්නත් පුළුවන්, පරම්පරා වගතුග හොයන්නත් පුළුවන්, උරුමෙ ඉල්ලනත් පුළුවන්, වීඩියෝ හදන්නත් හොඳට පුළුවන්, මැරතන් දුවන්නත් පුළුවන්, අම්මලට ලකුණු අරන් දෙන්නත් පුළුවන්.
ළමා ලෝකයට මංපෙත්
විවර කර ගැනීමට මනා මඟ පෙන්වීමක් අවැසි වුවත්, උපන් දා සිට ජීවිතය තරගයක් ම කර
දෙන්නෙ අපගේ අධිවේගී සමාජයයි. “මිංචා දෙවාරාවේ අන්දර” මේ අධිවේගී සමාජයේ ගොදුරු බවට
පත්ව සිටින දරුවන් ළමා ලොව සොඳුරු ඉසව් වෙත කැඳවා ගෙන යයි. මේ ග්රන්ථය කතුවරියට පසුව
කුලුඳුලේ ම කියැ වූ පාඨකයා ලෙස මට හැඟී ගියේ මා ද මිංචා වැනි ම දරුවකු බවයි. ඒ
තරමට ම මෙම කෘතිය මා වසඟ කළ බව සතුටින් සඳහන් කරමි.
“මිංචා දෙවාරාවේ
අන්දර” රසවිඳිනා අතරතුර ම, මිංචාගේ අන්දර රූ ගන්වන්නට කතුවරිය මට ඇරයුම් කළා ය.
මිංචාගේ දඟ කම්, කෙළිලොල්කම්, අවිහිංසකකම් මගේ තෙළිතුඩින් කුරුටු ගෑවේ අපමණ
සතුටිනි.
හැම දරුවකුට ම මිංචා
සොයා ගිය ළමා කාලය ලැබේවායි ප්රාර්ථනා කරමි. ඒ ළමා කාලය තම දූ පුතුන්ට
පිරිනමන්නැයි ආදරණීය මව්පියන්ට ආරාධනා කරන්නට ද කැමැත්තෙමි.
ජගත් හේවාපන්න
මිහිර ප්රධාන කර්තෘ
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
Pages | 96 |
Weight | 159g |
There are no reviews yet