"කන්ද උඩ ගින්දර" වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස් ය, අපූර්වය. මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවා ය! එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි. බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවකු හැටියට ය. සිනමා නළුවකු හැටියට ය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට ය. තීරු ලිපි රචකයෙකු හැටියට ය. සම්ප්‍රවෙශකයෙකු හැටියට ය. ගේය කාව්‍ය කර්තෘවරයෙකු හෝ ගායකයෙකු හැටියට ය. මෙතැන් පටන් ඔහු ප්රශස්ත නවකතාකරුවෙකු ලෙස රසික ප්‍රජාව හඳුනා ගන්නවා ඇත. බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධ සමග ඵෙන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි. ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන හට ගත් විස්මය, දූරීභූත වූයේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙකු බව මෙනෙහි වීමෙන් පසුව ය.
- සුනිල් ආරියරත්න
(සම්මානිත මහාචාර්ය)
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
Author | Jackson Anthony |
Language | Sinhala |
Pages* | 422 |